Constitutional Administrative and Commercial Law

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය

# මුල් යුගයේදී

  • -          රජු විසින් රාජ්‍ය පාලනය සිදු කරන ලද අතර එහිදී
  • -          අධිකාරම්වරු දෙදෙනා
  • -          පළාත්බද දිසාවේවරු
  • -          කදුකරයේ දෙපාර්තුමේන්තු ලේඛම්වරු
  • -          කුඩා දිස්ත්‍රික්ක වල රටේ මහත්තුරු
  • -          රට සභා, ගම සභා ඇතුලත්ව ග්‍රාම අධිකරණ පද්ධතියක් පැවතුනි.

# පෘතුගීසි සමයේදී

  • -          ඔවුන් යටත් කරගත් වෙරළබඩ ප්‍රදේශ දිසාවේ වරයෙකු යටතේ පාලනයක්
  • -          කොළඹ නගර සභා පාලන ක්‍රමයක් පැවතුනි.

# ලන්දේසි සමයේදී

  • -          වෙරළබඩ ප්‍රදේශ සදහා රෝම ලන්දේසි නිතිය
  • -          කොළඹ, ගාල්ල, යාපනය මුලිකව උසාවි ක්‍රමයක්
  • -          රජුගේ පාලනය තව දුරටත් උඩරට ප්‍රදේශයේ පැවතුනි.

# බ්‍රිතාන්‍යයට සමයේදී

1796 සිට 1833 දක්වා එංගලන්තයේ රජුගේ පාලනය යටතේ ලංකාවේ මෙහි සිටි ආණ්ඩුකාර වරයා විසින් පාලනය කරන ලදී.

  • *      1833 කෝල්බෘක් ආණ්ඩුක්‍රමය
  • *      1910 මැකලම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
  • *      1920 මැනින් ප්‍රතිසංස්කරණ
  • *      1923-24 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
  • *      1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
  • *      1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
  • *      1972 පළමු ජනරජ ආණ්ඩුකම විවස්ථාව
  • *      1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

 

 

1833 කෝල්බෘක් ආණ්ඩුක්‍රමය


මේ යටතේ විධායක සහ ව්‍යවස්ථාදායක ලෙස සභා දෙකක් තිබුනි.

 


නිල නොලත් අය වාර්ගික නියෝජනය මත පත් කරන ලදී.

1860 න පසුව මුල්‍ය නොවෙන වෙනත් අනපනත් ඉදිරිපත් කිරීමේ බලය සභාවේ වෙනත් සාමාජිකයින්ට ලබා දෙන ලදී.

 

1910 මැකලම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

විධායක සහ ව්‍යවස්ථාදායක සභාවේ මුළු සාමාජික ගණන 27 ක් දක්වා ඉහල දමා තිබුණි.

යටත් විජිතයකදී මුල් වරට සීමිත ඡන්ද බලය පිරිනැමීම මෙහිදී සිදුව තිබුණි.

-          මෙහිදී ප්‍රථම උගත් ලාංකිකයා ලෙස සර් පොන්නම්බලම් රාමනාදන් මහතාට පත්විය.

-          ඡන්ද දායකයන් වීමට වරම් ලැබුණේ මුළු ජනගහනයෙන් සියයට 4.5 කට වැනි කොටසකට ය. ඒ සඳහා වූ සුදුසුකම් වූයේ සාක්ෂරතාවය සහ දේපල සුදුසුකම් ආදියයි.

-          කාන්තාවන්ට ඡන්ද බලය නොවිය.

 

1920 මැනින් ප්‍රතිසංස්කරණ

මෙයට අනුව ප්‍රථම වතාවට නිල නොලත් සාමාජිකයන් ගේ ගණන 23 ක් වූ අතර සමස්ත සාමාජිකයින් 37 කි.

විධායක සභාවේද මුල් වරට නිල නොලත් සාමාජික නියෝජනයක් විය.

 

1923-24 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

මෙහිදී ව්‍යව්ස්තාදායක සභාවේ නිල නොලත් සාමාජිකයින් ගණන තව දුරටත් වැඩි කර ඇති අතර නිල සාමාජිකයින් ගණන 12ක් විය.

නිල නොලත් සාමාජිකයින්

  • ü  පළාත් නියෝජනය
  • ü  ජනවාර්ගික පදනම
  • ü  ආණ්ඩුකාරවරයා විසින් නම් කිරීම යන ආකාර 3 න්ම සිදුවිය.

මෙහිදී ව්‍යවස්ථාදායක සභාවට තෝරා පත් කරගැනීමට

  • ü  අධ්‍යාපන මට්ටමක්
  • ü  ආදායම් මට්ටමක්
  • ü  දේපල මට්ටමක් තිබීම අවශ්‍යම විය.

එසේම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් 4 දෙනෙක් විධායක සභාවට තෝරා ගැනීමද විය. 

 

1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

මෙය 1947 දක්වා ක්‍රියාත්මකව පැවතුනී.

1931 දී ඇති කරන ලද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතිකර ලද විශේෂ ලක්ෂණ කිහිපයකි.

·         සර්වජන ඡන්ද බලය - ඡන්ද බලය අවුරුදු 21 ට වැඩි පුරුෂයින්ට සහා අවුරුදු 30ට වැඩි කාන්තාවන්ට ලැබුණි. 

·         ප්‍රාදේශීය නියෝජනය

·         විධායක කාරක සභා ක්‍රමය - විධායක සභාවක් වෙනම පිහිටුවීම අහෝසි විය. රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළින්ම විධායකය බිහි විය. විධායක කාරක සභා හතකට මන්ත්‍රීවරුන් බෙදන ලදී. එම කාරක සභා වල සභාපති වරයා ඇමැතිවරයා විය. ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනාගෙන් අමාත්‍ය මණ්ඩලය සමන්විත විය. එහි සභාපති වූයේ මහ ලේකම්වරයාය.

·         ආණ්ඩුකාරවරයාගේ පෙර පැවති බලතල සීමාවීම.

ජන වාර්ගික නියෝජනය සම්පුර්ණයෙන්ම අහෝසි වී ප්‍රාදේශීය වශයෙන් මැතිවරණ කොට්ඨාස 50 ක් සඳහා මන්ත්‍රීවරු තෝරා ගැනුණි.

රාජ්‍ය නිලධාරීන් තිදෙනෙක් ද, ආණ්ඩුකාරවරයා පත් කළ මන්ත්‍රීන් අට දෙනෙක් ද වශයෙන් සියලු දෙනා හැට එක් දෙනෙක් ද රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙස හැදින්විණි.

ආණ්ඩු ක්‍රමයේ ප්‍රතිපල

විධායක කාරක සභා ක්‍රමය නිසා මන්ත්‍රීවරුන්ට රටේ පාලනයට හවුල් වීමට අවස්ථාව සැලසුණි. නමුත් ප්‍රාදේශීය නියෝජනය, සර්වජන ඡන්ද බලය නිසා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ආරම්භ වූවත් වාර්ගික නියෝජනය අහෝසි වීම නිසා සුළු ජාතීන් ගේ නොසතුටට හේතු විය. ඒ නිසා සෝල්බරි සාමි වරයා ඇතුලු තිදෙනෙකුගෙන් යුතු සෝල්බරි කොමිසමක්‌ බ්‍රිතාන්‍යයෙන් පත් කරන ලදී. ඒ අනුව සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භ විය.

 

1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

එය 1947 සිට 1972 දක්වා ක්‍රියාත්මක විය. ව්‍යවස්ථා ඉතිහාසය තුල බ්‍රිතාන්‍යයෙන් ප්‍රධානය කල අවසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

මෙහි ප්‍රධාන ලක්ෂණයක් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවයයි. එය ලිඛිත, අනම්‍ය ආණ්ඩුකම විවස්ථාවකි.

පාර්ලිමේන්තුව කොටස් දෙකකින් සමන්විත විය, එනම් මහජන මන්ත්‍රී මණ්ඩලය සහ උත්තර මන්ත්‍රී මණ්ඩලය යි,  පාර්ලිමේන්තු පනතක් මෙම කොටස් දෙකෙන් ම සම්මත විය යුතුව තිබුණු අතර ඉන්පසුව අග්‍රාණ්ඩුකාරවරයා විසින් එය අනුමත කිරීමෙන් පසුව පනත ක්‍රියාත්මක විය.

මහජන මන්ත්‍රී මණ්ඩලය ප්‍රාදේශීය වශයෙන් ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.

උත්තර මන්ත්‍රී මණ්ඩලයට පත්වූයේ විද්වතුන් වැනි අයයි.

මෙම ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ අග්‍රාණ්ඩුකාර ධුරයක් ඇති කරන ලද අතර එය බ්‍රිතාන්‍ය රැජිනගේ නමින් ක්‍රියාත්මක විය.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ ලක්ෂණයක් නම් පාර්ලිමේන්තුවට නීති සම්මත කිරීමේ බලය තිබුනද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකුල පනත් අවලංගු කිරීමේ බලය තිබීමය. එසේම නීති සම්පාදනය කිරීමට සීමාවක් 29(2) වගන්තියේ සදහන් විය. එනම් විශේෂ බහුතර ඡන්දය නොමැති නම් ආගමික නිදහස සිමා කරන නීති සම්මත කල නොහැකි වීමත් යම් වාර්ගික කොට්ටාශයකට විශේෂ වරප්‍රසාද ලැබෙන නීති සම්මත කිරීමට නොහැකි වීමත්ය.

 

1972 පළමු ජනරජ ආණ්ඩුකම විවස්ථාව

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භ කරන ලද්දේ 1948 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලින් බැහැරව ය. එසේම මෙය ද ලිඛිත අනම්‍ය ආණ්ඩුකම ව්‍යවස්ථාවකි. මෙමගින් අපගේ රට ස්වාධින ස්වෛරී ජනරජයක් බවට පත්විය.

මීට පෙර තිබූ විවස්ථාවේ නාමික ප්‍රධානියා වූ අග්‍රාණ්ඩුකාර ධූරය අපි නාමික ජනාධිපතිවරයකු පත් කරන ලදී. ඔහු පාලනය වූයේ අගමැති සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් වලට අනුව ය. මෙම ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකයේ නම වූයේ ජාතික රාජ්‍ය සභාවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ iv ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ ජාතික රාජ සභාව විසිනි, එමෙන්ම v ව්‍යවස්ථාවට අනුව ජාතික රාජ සභාව ජන රජයේ උත්තරීතර ආයතනය වේ. එම නිසා ව්‍යවස්ථාදායක විධායක අධිකරණ යන සියලු බලතල ජාතික රාජ සභාව තුළට කේන්ද්‍රගත වීම නිසා බලය ඒකරාශී වීමක් මෙම ව්‍යාවස්ථාවේ දක්නට ලැබුණි.

මෙම ජාතික රාජ්‍ය සභාවෙන් සම්මත වූ පනත් එහි කතානායකවරයා විසින් අත්සන් කිරීමෙන් පසු ඒවා ක්‍රියාත්මක වීම ආරම්භ වුනි. තවද මෙම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් තිබුණු අතර කෙසේ නමුත් ඒ ක්‍රියාත්මක කරවා ගැනීමට නිසි ක්‍රමවේදයක් දක්වා නොතිබුණු නිසා මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේදී ගැටලු ඇතිවිය.

 

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ විධායක ජනාධිපති ධූරයයි. මෙම ධුරය මුලින්ම ස්ථාපිත කරන ලද්දේ 72 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සිදු කරන ලද සංශෝධනයක් මගින් එම ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේය. පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 72 ආන්ඩුක්‍රම විවස්තාවේ විධිවිධාන වලට අනුව සම්මත කර ගන්නා ලද අතර එම ව්‍යවස්ථාවටද විධායක ජනාධිපති ධුරය ඇතුළත් කරන ලදී,

මෙම ආණ්ඩුකම විවස්තාවේ 4(අ) මගීන් ව්‍යවස්ථාදායක බලය මහජන නියෝජිතයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව සතු කර ඇති අතර ජනමත විචාරණයක දී එය ජනතාව සතු වේ. මෙය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය වර්තමානයේ දී පවා ක්‍රියාත්මක වන අවස්ථාවකට නිදසුනකි. 4(ආ) ට අනුව විධායක බලය ජනතාව විසින් තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතුය.

ආණ්ඩුකම විවස්ථාව 8 සහ 9 පරිච්ඡේද මගින් විධායකය අමාත්‍ය මණ්ඩලය කින් සහ විධායකයට අයත් රාජ්‍ය සේවයක් ගැන ද සඳහන් වේ. 4(ඇ) අනුව අධිකරණ බලය අධිකරණය සහ වෙනත් විනිශ්චය අධිකාරී මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරන අතර පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද ගැන ප්‍රශ්නයකදී එම බලය පාර්ලිමේන්තුව විසින් ම ක්‍රියාත්මක කරයි. ඇතැම් අවස්ථාවල පාර්ලිමේන්තුව විසින් යොමු කරන ලද විටකදී පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරේ. මේ අනුව බලන විට 1972 ව්‍යවස්ථාවට වඩා බලතල බෙදීමේ සංකල්පය 1978 ව්‍යවස්ථාව තුළින් පැහැදිලිව පෙන්නුම් කෙරේ. එයන ජනතා නිදහස ආරක්ෂා වන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් උදෙසා ඉතා වැදගත්ය.

1978 ආන්ඩුක්‍රම විවස්තාව මගින් අධිකරණයේ ස්වාධිනත්වය යන මාතෘකාවක් විශේෂයෙන් සදහන් කරමින් උපරිමාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම සහ විනය පාලනය සම්බන්ධව විධිවිධාන දක්වා ඇති නිසා සහ මහාධිකරණයේ සිට ඊට පහල අධිකරණ වල කටයුතු ක්‍රමවත් සහ පාලනය කිරීම පිණිස අධිකරණ සේවා කොමිසම ක්‍රියාත්මක වන බව දක්වා තිබීම නිසා ලංකාවේ අධිකරණයේ ස්වාධීනතාව පෙරට වඩා ස්ථාපිත විය.

කෙසේ නමුත් උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමට 17 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා සතු වූ තනි අභිමත බලය එයට බාධාවක් විය, නමුත් 17 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ නිර්දේශ ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ යුතු වූ නිසා අධිකරණයේ ස්වාධීනතාවය ට එය තරමක් වැදගත් වූ බව පෙනේ, 19 වන ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව ජනාධිපතිවරයා ගේ පත්කිරීමේ බලතල යළි ආණ්ඩුක්‍රම විවස්ථාදායක සභාව යටතට පත් කර තිබීම සහ තවත් කරුණු නිසා පසුගිය කාලය තුළ පරිපාලනයේ නොයෙකුත් දුෂ්කරතා ඇති විය. මෙම දුෂ්කරතා මෑතකදී සම්මත කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මගහැරී ඇති බව පෙනේ, වර්ථමානයේදී 20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවට කළ හැක්කේ නිර්දේශ ඉදිරිපත් කිරීම පමණක් වන අතර ඒවා පිළිගැනීම හෝ නොපිළිගැනීම ට ජනාධිපතිවරයාට බලය තිබේ.

මෙම 1978 ආණ්ඩුක්‍රම විවස්තාවේ තවත් වැදගත් ලක්ෂණයක් නම් බලාත්මක කළ හැකි පරිදි මූලික අයිතිවාසිකම් ඇති කර තිබීමයි. ඒ අනුව ආණ්ඩු කම්බි වතාවෙ 10 සිට 14 දක්වා මූලික අයිතිවාසිකම් ඇතුළත් කර ඇති අතර 15 වන ව්‍යවස්ථාවෙ ඒවාට සීමා පනවා තිබේ.

තවත් වැදගත් ලක්ෂණයක් නම් සමානුපාතික ඡන්ද ක්‍රමය ඉදිරිපත් කිරීමයි, ඊට පෙර පැවතියේ කේවල නියෝජන ක්‍රමයයි, එම ක්‍රමය මගින් නිවරදි ලෙස ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට අනුරූප වන පරිදි ආසන බෙදී නොයන ප්‍රශ්නයක් නිසා මෙම සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දී ඇත.

එසේම තවත් වැදගත් ලක්ෂණයක් නම් ජනමත විචාරණය හඳුන්වා දීමයි, තවද දහතුන් වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයෙන් පාලන බලය විමධ්‍යගත කිරීමක් ද සිදු වී ඇත.

 


ව්‍යවස්ථා පරිපාලන සහ වාණිජ නීතිය

විෂය පථය

  • 1.      ආණ්ඩුකම විවස්ථා නිතිය
  • 2.      පරිපාලන නීතිය
  • 3.      වාණිජ නීතිය යි.

 

නීතිය යනු,

# නීතිය යනු සමාජයක මානව චර්යා පාලනය කරන ක්‍රමයකි. මානව චර්යා නීතිය විසින් පාලනය කරයි. රීති නීති වලට ඇතුළත් ය.

-         -  මාර්ග නීති සහ විභාග රීති

# නීතිය යනු සමාජයේ විවිධ කොටස් වල සමාජයේ පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් ඇතුළත් රීති පද්ධතියකි,

# නීතිය යනු සමාජයක ගැටලු විසඳන උපකරණයකි.

-        -  අධිකරණ පිහිටුවා ඇත්තේ නීතියට අනුව ජනතා ගැටලු විසඳීමටයි.


නීතිය වර්ගීකරණය කිරීම

# පලවෙනි වර්ගීකරණය

·         අපරාධ නීතිය - අපරාධයක් යනු පුද්ගල හා දේපළවලට සිදුකරන නීති විරෝධී ක්‍රියාවන්ය, ඒ සඳහා ප්‍රධාන නීති විවස්තාව වන්නේ දණ්ඩ නීති සංග්‍රහයයි. ඒ සඳහා වෙනම අධිකරණ ද පිහිටුවා තිබේ. දණ්ඩ නීති සංග්‍රහය හැරුණ විට තවත් නොයෙකුත් අපරාධ සඳහා ව්‍යවස්ථාවන් පාර්ලිමේන්තුව විසින් පනවා ඇත.

    සිවිල් නීතිය - සිවිල් වරදවල් සම්බන්ධ නීතිය

:- දේපල නීතිය, පුද්ගල නීතිය, වාණිජ නීතිය, ආණ්ඩුක්‍රම නීතිය, පරිපාලන නීතිය, කම්කරු නීතිය

 

සිවිල් නීතිය

අපරාධ නීතිය

මෙයින් අරමුණු වන්නේ වරද කළ අයට දඩුවම් කිරීම නොව එකී වරද නිසා හානියට පත් වූ අයට වූ අලාභය පියවා දැමීමයි.

මෙයින් අරමුණු වන්නේ වරද කළ අයට දඩුවම් කිරීම මිස එකී වරද නිසා හානියට පත් වූ අයට වූ අලාභය පියවා දැමීම නොවේ.

මෙවැනි නඩුවක් පැවරිය යුතු වන්නේ සිවිල් අධිකරණයකටය.

මෙවැනි නඩුවක් පැවරිය යුතු වන්නේ අපරාධ අධිකරණයකටය.

මෙවැනි නඩුවක් පවරන අය පැමිණිලිකරු ලෙසත්, නඩුව පවතින්නේ යමෙකුට විරුද්ධවද එකී අය විත්ත්කරු ලෙසත් හැදින්වේ.

මෙවැනි නඩුවක් පවරන අය චෝදක ලෙසත්, නඩුව පවතින්නේ යමෙකුට විරුද්ධවද එකී අය චුදිත (සැකකරු) ලෙසත් හැදින්වේ.

මෙවැනි නඩුවක් අදාළ පාර්ශවකරු විසින්ම පැවරිය යුතුය.

මෙවැනි නඩුවක් සාමන්‍යයෙන් රජයේ ආයතනයක් විසින් පැවරනු ලැබේ.

 

# දෙවන වර්ගීකරණය

·         කාර්යපටිපාටික නීතිය - සමාජයේ පවතින නීති ගැටලු එනම් අපරාධ සහ සිවිල් ගැටළු අධිකරණ වෙත ඉදිරිපත් කොට විසඳුම් ලබා ගැනීමට අවශ්‍ය කාර්ය පටිපාටිය දැක්වීම.

:- සාක්ෂි නීතිය, අපරාධ නඩු විධාන සංග්‍රහය, ප්‍රාථමික නඩු විධාන සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහ

හරයාත්මක නීතිය - කාර්ය පටිපාටික නීති තුන හැරුණු විට මීට ඉහතින් සඳහන් කළ සියළුම නීති හරයාත්මක නීති කොටසට වැටේ.

:- දේපළ නීතිය, පුද්ගල නීතිය, වාණිජ නීතිය ඇතුළු අපරාධ නීති

 

ආණ්ඩුකම ව්‍යවස්ථා නීතිය


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු

රටක උත්තරීතර නීතිය වේ, නැතහොත් මූලික නීතිය වේ, සෙසු සියලුම නීති තම වලංගු භාවය සහ නීත්‍යානුකූල භාවය ලබා ගන්නා මූලය ආණ්ඩුකම විවස්ථාව වේ, තවද ආණ්ඩුකම විවස්ථාව මගින් රටක ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන අංශ තුන විග්‍රහ කරන අතර ඊට අමතරව මූලික අයිතිවාසිකම් සහ පරිපාලන ක්‍රම ආදියද සවිස්තරාත්මකව ඉදිරිපත් කෙරේ.

 

සෑම රටකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබේ, එහි ප්‍රධාන අංශ 3 කින් සමන්විතය. එනම්,

  • ·         වස්ථාදායක
  • ·         විධායකය
  • ·         අධිකරණ

මේවා රටින් රටට වෙනස් ය. එම නිසා එක රටක ආණ්ඩුකම විවස්ථාව අනෙක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනස්ය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ගීකරණය

  • ලිඛිත සහ අලිඛිත විවස්තා
  • නම්‍ය හා අනම්‍ය ව්‍යවස්ථා
  • ඒකීය සහ සන්ධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
  • ස්වස්ථානික සහ ප්‍රදානය කළ ආණ්ඩුකම විවස්ථාව
  •  ජනාධිපති විදායක සහ පාර්ලිමේන්තුව විධායක ආන්ඩුක්‍රම විවස්තා
  • රාජාණ්ඩු සහ සමූහාණ්ඩු ව්‍යවස්ථා

 

  • ලිඛිත සහ අලිඛිත ආණ්ඩුකම ව්‍යවස්ථා

ආණ්ඩුකම විවස්ථාව විධිමත් ලේඛනයක අඩංගු නම් එය ලිඛිත ආණ්ඩුකම ව්‍යවස්ථාවකි. නූතන නීතිවේදීන්ගේ මතය අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් කෙටුම්පත් කරන ලද ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ලිඛිත එකකි.

-         :- 1948 1972 සහ 1978 ආණ්ඩුකම ව්‍යවස්ථා

එලෙස විධිමත් ලේඛනයක් නොමැතිනම් එය අලිඛිත ආණ්ඩුකම ව්‍යවස්ථාවකි.

-          :- බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (මේවා ව්‍යවස්ථාව ඓතිහාසික වශයෙන් නොයෙක් වර සාමාන්‍ය විවස්තා එකතුවකින් සැදුනකි)

 

  • නම්‍ය සහ අනම්ය ආණ්ඩුකම ව්‍යවස්ථා

A.V ඩයිසි නම් ඉංග්‍රීසි නීති වේදියාට අනුව ඕනෑම නීතියක් නිත්‍යානුකූලව වෙනස් කිරීමට එකම මණ්ඩලයකින් එකම ක්‍රමයකින් සහ එකම තත්ත්වයකින් පහසුවෙන් කළ හැකි නම් එය නම්‍ය ආණ්ඩුකම විවස්ථාවකි.

-          - බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව එම ආණ්ඩුකම ව්‍යවස්ථාව වගන්ති සංශෝධනය සඳහා පාර්ලිමේන්තුව සාමාන්‍ය බහුතර ඡන්දයකින් කළ හැක. නමුත් ශ්‍රී ලංකාවේ තත්වය බලන විට 78 , 82 ව්‍යවස්ථා අනුව  පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීන් ද ඇතුළුව තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය ය. තවද 83 විවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ නම රාජ්‍ය ස්වභාවය පරමාධිපත්‍ය ජාතික දිනය ආදී ඇතැම් කරුණු වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතුය. එම නිසා 1978 ශ්‍රී ලංකා ආණ්ඩුකම විවස්ථාව අනම්‍ය ආණ්ඩුකම විවස්ථාව කි.

-          - 1978 ශ්‍රී ලංකා ආණ්ඩුකම විවස්ථාව, ඉන්දීය සහ ඇමරිකානු ආණ්ඩුකම ව්‍යවස්ථා

 

  • ඒකීය සහ සන්ධීය ආණ්ඩුකම ව්‍යවස්ථා

ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු මධ්‍යම රජයක් සහ පාර්ලිමේන්තුවක් යටතේ විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරන සියලූ බලතල මධ්‍යගත ආණ්ඩුක්‍රමයකි.

-        -   ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

-          - ශ්‍රී ලංකාවේ 1987 සම්මත වූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග විය. එහිදී අවසාන තීන්දුව වූයේ මේ නිසා රටේ ඒකීය භාවයට හානියක් නොවූ බවයි. ඒ අනුව ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය. ඒ අනුව වර්තමානයේ දී පළාත් සභා පිහිටුවා ඇති අතර ඒවා විසින් පළාත් සභාවලට අදාළ ව ප්‍රඥප්ති සාදනු ලබයි. කෙසේ නමුත් පාර්ලිමේන්තු පනත් සහ ප්‍රඥප්ති අතර ගැටුමකදී පාර්ලිමේන්තු නීති බලධාරී වේ. මේ අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස සැලකේ.

සන්ධීය රාජ්‍යයක් නම් පහත සඳහන් ලක්ෂණ සියල්ල ඇති රාජ්‍යයකි,

- ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව ස්වීට්සර්ලන්තය, ජර්මනිය ආදියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

  1.  තම වැසියන් කෙරෙහි සෘජු බලය ක්‍රියාත්මක කරන ආයතන දෙකක් එනම් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු වශයෙනි.
  2. මධ්‍යම පාලන අධිකාරිය තුළ පළාත් ආණ්ඩු නියෝජනයක් තිබිය යුතුය. එනම් දෙවන මන්ත්‍රණ සභාවක් තිබිය යුතුය.
  3. ආන්ඩුක්‍රම විවස්තාව පාර්ලිමේන්තුව වඩා උත්තරීතර විය යුතුය.4. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු අතර ගැටුම් විසඳීම සඳහා ස්වාධීන ඉහළ අධිකරණයක් තිබිය යුතුය.
  4. මධ්‍යම අධිකාරිය සහ පළාත් ආණ්ඩු අතර එකිනෙක සබඳතා පවත්වාගෙන යා හැකි ක්‍රමයක්ද තිබිය යුතුය.
  5. පළාත් ආණ්ඩුවලට දී ඇති බලය ඔවුන්ගේ එකඟත්වය නොමැතිව මධ්‍යම ආණ්ඩුවට නැවත පවරා ගත නොහැක,

 

  • ස්වස්ථානික සහ ප්‍රදානය කළ ආණ්ඩුකම විවස්ථාව

ස්වස්ථානික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටේම උපත ලැබූ එකකි. එහි ප්‍රධාන ලක්ෂණ තුනකි.

  • ü  ස්වාධීනත්වය
  • ü  නෛතික අඛණ්ඩතාවය බිඳීමක්
  • ü  ස්වයංපෝෂිත භාවය

# ස්වාධීනත්වය

මෙයින් අදහස් වන්නේ අන් කිසි අයුරකින් වෙනත් රටක බලයට යටත් නොවන ආණ්ඩු ක්‍රමයකි.

-         - 1948 ව්‍යවස්ථාවේ පළ වන වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ ඉල්ලීම හෝ කැමැත්ත මත විනා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාව පිළිබඳ නීති පැනවිය නොහැකි විය. අපගේ ඉතිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් වන 72, 78 ව්‍යවස්ථාවන් තුළ ද අන් රටකට යටත් නොවන විධිවිධාන තිබේ.

# නෛතික අඛණ්ඩතාවය බිඳීම

මෙහිදී රටේ මෙතෙක් පැවති නෛතික තත්ත්වයට පිටතින් ඇති කරන වෙනසක් එනම් ආණ්ඩුකම ව්‍යවස්ථා රටාවේ යම් ආකාරයක බිඳීමක් අදහස් කෙරේ.

-         - 1972 ව්‍යවස්ථාව ඊට පෙර තිබූ 48 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන පරිදි සම්මත කරගන්නා ලද එකකි. එම නිසා 72 ආන්ඩුක්‍රම විවස්තාව 48 ආණ්ඩුක්‍රම විවස්ථාවේ ක්‍රමයට පරිබාහිරව සැකසූ එකකි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්වස්ථානික වීමට නෛතික අඛණ්ඩතාවය බිඳීයාම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. එයට නිදසුනක් නම් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. මන්ද යත් එම 78 ව්‍යවස්ථාව 72 ස්වස්තානික ව්‍යවස්ථාවෙන් හට ගත් නිසා ස්වස්ථානික ය.

-          - එසේම බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද නෛතික අඛණ්ඩතාව බිඳී යාමක් දක්නට නොලැබේ. එහෙත් එම ව්‍යවස්ථාව ද ස්වස්ථානික ව්‍යවස්ථාවක් සේ සැලකේ.

 

# ස්වයංපෝෂිත භාවය

යම් ආණ්ඩුකම විවස්ථාවක්‌ එම රට තුළම උපත ලද්දේ නම් එය ස්වයං පෝෂිත ය. වෙනත් රාජ්‍යයක් එනම් විශේෂයෙන් යටත්විජිත ස්වාමියෙක් විසින් ප්‍රදානය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්වයංපෝෂිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවේ.

-        -  48 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්වයංපෝෂිත එකක් නොවුවද 72 ව්‍යවස්ථාව ස්වයංපෝෂිත ව්‍යවස්ථාවකි.

-      -    නෛතික අඛණ්ඩතාවය බිඳීමක් නොමැති වුවද 78 ආණ්ඩුකම විවස්ථාව ද ස්වයංපෝෂිත එකකි.

 

  • ජනාධිපතිවිධායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ පාර්ලිමේන්තුව විධායක ආණ්ඩුකම ව්‍යවස්ථා

ජනාධිපති විදායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා - ශ්‍රී ලංකාව, ඇමරිකාව, ප්‍රංශය

පාර්ලිමේන්තු විධායක ආණ්ඩුකම ව්‍යවස්ථා - ඉන්දියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව

 

  • රාජාණ්ඩු සහ සමූහාණ්ඩුව ආණ්ඩුකම ව්‍යවස්ථා

රාජාණ්ඩු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා - මෙම රටවල රජවරු රටේ ප්‍රධාන විධායකය වේ.

-         - සෞදි අරාබිය, ස්වීඩනය, නොර්වේ, නෙදර්ලන්තය

සමූහාණ්ඩු ආණ්ඩුකම විවස්ථා - මෙම රටවල රාජා එහි එතෙක් පැවති රාජාණ්ඩු ක්‍රමය පෙරළා දමා ජනතාවගේ බලයෙන් යුතු සමූහාණ්ඩු ආණ්ඩුකම ව්‍යවස්ථා පිහිටුවාගෙන තිබේ.

-         - ජර්මනිය, චීනය

 

Study Hub

MACROECONOMICS