විෂය පථය
- 1. ආණ්ඩුකම විවස්ථා නිතිය
- 2. පරිපාලන නීතිය
- 3. වාණිජ නීතිය යි.
නීතිය යනු,
# නීතිය යනු සමාජයක මානව චර්යා පාලනය කරන ක්රමයකි. මානව චර්යා නීතිය
විසින් පාලනය කරයි. රීති නීති වලට ඇතුළත් ය.
- - මාර්ග නීති සහ විභාග රීති
# නීතිය යනු සමාජයේ විවිධ කොටස්
වල සමාජයේ පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් ඇතුළත් රීති පද්ධතියකි,
# නීතිය යනු සමාජයක ගැටලු විසඳන උපකරණයකි.
- - අධිකරණ පිහිටුවා ඇත්තේ නීතියට අනුව ජනතා
ගැටලු විසඳීමටයි.
නීතිය වර්ගීකරණය
කිරීම
# පලවෙනි වර්ගීකරණය
·
අපරාධ නීතිය - අපරාධයක් යනු
පුද්ගල හා දේපළවලට සිදුකරන නීති විරෝධී ක්රියාවන්ය, ඒ සඳහා ප්‍රධාන නීති විවස්තාව වන්නේ දණ්ඩ
නීති සංග්‍රහයයි. ඒ සඳහා වෙනම අධිකරණ ද පිහිටුවා තිබේ. දණ්ඩ නීති සංග්‍රහය හැරුණ
විට තවත් නොයෙකුත් අපරාධ සඳහා ව්‍යවස්ථාවන් පාර්ලිමේන්තුව විසින් පනවා ඇත.
සිවිල් නීතිය - සිවිල් වරදවල් සම්බන්ධ නීතිය
:- දේපල නීතිය, පුද්ගල නීතිය, වාණිජ නීතිය, ආණ්ඩුක්‍රම නීතිය, පරිපාලන නීතිය, කම්කරු නීතිය
සිවිල් නීතිය |
අපරාධ නීතිය |
මෙයින් අරමුණු
වන්නේ වරද කළ අයට දඩුවම් කිරීම නොව එකී වරද නිසා හානියට පත් වූ අයට වූ අලාභය පියවා
දැමීමයි. |
මෙයින් අරමුණු
වන්නේ වරද කළ අයට දඩුවම් කිරීම මිස එකී වරද නිසා හානියට පත් වූ අයට වූ අලාභය
පියවා දැමීම නොවේ. |
මෙවැනි නඩුවක්
පැවරිය යුතු වන්නේ සිවිල් අධිකරණයකටය. |
මෙවැනි නඩුවක්
පැවරිය යුතු වන්නේ අපරාධ අධිකරණයකටය. |
මෙවැනි නඩුවක්
පවරන අය පැමිණිලිකරු ලෙසත්, නඩුව පවතින්නේ යමෙකුට විරුද්ධවද එකී අය
විත්ත්කරු ලෙසත් හැදින්වේ. |
මෙවැනි නඩුවක්
පවරන අය චෝදක ලෙසත්, නඩුව පවතින්නේ
යමෙකුට විරුද්ධවද එකී අය චුදිත (සැකකරු) ලෙසත් හැදින්වේ. |
මෙවැනි නඩුවක්
අදාළ පාර්ශවකරු විසින්ම පැවරිය යුතුය. |
මෙවැනි නඩුවක්
සාමන්‍යයෙන් රජයේ ආයතනයක් විසින් පැවරනු ලැබේ. |
# දෙවන වර්ගීකරණය
·
කාර්යපටිපාටික නීතිය - සමාජයේ පවතින නීති
ගැටලු එනම් අපරාධ සහ සිවිල් ගැටළු අධිකරණ වෙත ඉදිරිපත් කොට විසඳුම් ලබා ගැනීමට
අවශ්‍ය කාර්ය පටිපාටිය දැක්වීම.
:- සාක්ෂි නීතිය, අපරාධ නඩු විධාන සංග්‍රහය, ප්‍රාථමික නඩු විධාන සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහ
හරයාත්මක නීතිය - කාර්ය පටිපාටික නීති තුන හැරුණු විට මීට ඉහතින් සඳහන් කළ සියළුම නීති හරයාත්මක නීති කොටසට වැටේ.
:- දේපළ නීතිය, පුද්ගල නීතිය, වාණිජ නීතිය ඇතුළු අපරාධ නීති
ආණ්ඩුකම ව්‍යවස්ථා නීතිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
යනු
රටක උත්තරීතර නීතිය වේ, නැතහොත් මූලික
නීතිය වේ, සෙසු සියලුම නීති
තම වලංගු භාවය සහ නීත්‍යානුකූල භාවය ලබා ගන්නා මූලය ආණ්ඩුකම විවස්ථාව වේ, තවද ආණ්ඩුකම
විවස්ථාව මගින් රටක ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන අංශ තුන විග්රහ කරන අතර ඊට
අමතරව මූලික අයිතිවාසිකම් සහ පරිපාලන ක්‍රම ආදියද සවිස්තරාත්මකව ඉදිරිපත් කෙරේ.
සෑම රටකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබේ, එහි ප්‍රධාන අංශ 3 කින් සමන්විතය.
එනම්,
- · වස්ථාදායක
- · විධායකය
- · අධිකරණ
මේවා රටින් රටට වෙනස් ය.
එම නිසා එක රටක ආණ්ඩුකම විවස්ථාව අනෙක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනස්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ගීකරණය
- ලිඛිත සහ අලිඛිත විවස්තා
- නම්ය හා අනම්‍ය ව්‍යවස්ථා
- ඒකීය සහ සන්ධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
- ස්වස්ථානික සහ ප්රදානය කළ ආණ්ඩුකම විවස්ථාව
- ජනාධිපති විදායක සහ පාර්ලිමේන්තුව විධායක ආන්ඩුක්රම විවස්තා
- රාජාණ්ඩු සහ සමූහාණ්ඩු ව්‍යවස්ථා
- ලිඛිත සහ අලිඛිත ආණ්ඩුකම ව්‍යවස්ථා
ආණ්ඩුකම විවස්ථාව විධිමත් ලේඛනයක අඩංගු නම් එය ලිඛිත ආණ්ඩුකම ව්‍යවස්ථාවකි. නූතන නීතිවේදීන්ගේ
මතය අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් කෙටුම්පත් කරන ලද ආණ්ඩුකම ව්‍යවස්ථාවක්
ලිඛිත එකකි.
- :- 1948
1972 සහ 1978 ආණ්ඩුකම ව්‍යවස්ථා
එලෙස විධිමත් ලේඛනයක් නොමැතිනම් එය අලිඛිත ආණ්ඩුකම ව්‍යවස්ථාවකි.
- :- බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (මේවා ව්‍යවස්ථාව
ඓතිහාසික වශයෙන් නොයෙක් වර සාමාන්‍ය විවස්තා එකතුවකින් සැදුනකි)
- නම්ය සහ අනම්‍ය ආණ්ඩුකම ව්‍යවස්ථා
A.V ඩයිසි නම් ඉංග්‍රීසි
නීති වේදියාට අනුව ඕනෑම නීතියක් නිත්‍යානුකූලව වෙනස් කිරීමට එකම මණ්ඩලයකින් එකම ක්‍රමයකින්
සහ එකම තත්ත්වයකින් පහසුවෙන් කළ හැකි නම් එය නම්ය ආණ්ඩුකම විවස්ථාවකි.
- - බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව එම ආණ්ඩුකම ව්‍යවස්ථාව වගන්ති සංශෝධනය සඳහා
පාර්ලිමේන්තුව සාමාන්‍ය බහුතර ඡන්දයකින් කළ හැක. නමුත් ශ්‍රී ලංකාවේ තත්වය බලන විට
78 , 82 ව්‍යවස්ථා
අනුව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීන්
ද ඇතුළුව තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය ය. තවද 83 විවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ නම රාජ්‍ය ස්වභාවය
පරමාධිපත්‍ය ජාතික දිනය ආදී ඇතැම් කරුණු වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක
විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතුය. එම නිසා 1978 ශ්‍රී ලංකා
ආණ්ඩුකම විවස්ථාව අනම්‍ය ආණ්ඩුකම විවස්ථාව කි.
- - 1978 ශ්‍රී ලංකා
ආණ්ඩුකම විවස්ථාව, ඉන්දීය සහ ඇමරිකානු
ආණ්ඩුකම ව්‍යවස්ථා
- ඒකීය සහ සන්ධීය ආණ්ඩුකම ව්‍යවස්ථා
ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
යනු මධ්‍යම රජයක් සහ පාර්ලිමේන්තුවක් යටතේ විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරන සියලූ
බලතල මධ්‍යගත ආණ්ඩුක්රමයකි.
- - ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානියේ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා
- - ශ්‍රී ලංකාවේ 1987 සම්මත වූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග විය. එහිදී අවසාන තීන්දුව වූයේ මේ නිසා රටේ ඒකීය
භාවයට හානියක් නොවූ බවයි. ඒ අනුව ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන්
දෙකේ අනුමැතියෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
සංශෝධනය සම්මත විය. ඒ අනුව වර්තමානයේ දී පළාත් සභා පිහිටුවා ඇති අතර ඒවා විසින්
පළාත් සභාවලට අදාළ ව ප්රඥප්ති සාදනු ලබයි. කෙසේ නමුත් පාර්ලිමේන්තු පනත් සහ ප්රඥප්ති
අතර ගැටුමකදී පාර්ලිමේන්තු නීති බලධාරී වේ. මේ අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව තවදුරටත් ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස සැලකේ.
සන්ධීය රාජ්‍යයක් නම් පහත
සඳහන් ලක්ෂණ සියල්ල ඇති රාජ්‍යයකි,
- ඇමරිකා එක්සත්
ජනපදය, ඕස්ට්‍රේලියාව
ස්වීට්සර්ලන්තය, ජර්මනිය ආදියේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
- තම වැසියන් කෙරෙහි සෘජු බලය ක්‍රියාත්මක කරන ආයතන දෙකක් එනම් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු වශයෙනි.
- මධ්‍යම පාලන අධිකාරිය තුළ පළාත් ආණ්ඩු නියෝජනයක් තිබිය යුතුය. එනම් දෙවන මන්ත්‍රණ සභාවක් තිබිය යුතුය.
- ආන්ඩුක්රම විවස්තාව පාර්ලිමේන්තුව වඩා උත්තරීතර විය යුතුය.4. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු අතර ගැටුම් විසඳීම සඳහා ස්වාධීන ඉහළ අධිකරණයක් තිබිය යුතුය.
- මධ්‍යම අධිකාරිය සහ පළාත් ආණ්ඩු අතර එකිනෙක සබඳතා පවත්වාගෙන යා හැකි ක්රමයක්ද තිබිය යුතුය.
- පළාත් ආණ්ඩුවලට දී ඇති බලය ඔවුන්ගේ
එකඟත්වය නොමැතිව මධ්‍යම ආණ්ඩුවට නැවත පවරා ගත නොහැක,
- ස්වස්ථානික සහ ප්රදානය කළ ආණ්ඩුකම
විවස්ථාව
ස්වස්ථානික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
යනු රටේම උපත ලැබූ එකකි. එහි ප්‍රධාන ලක්ෂණ තුනකි.
- ü ස්වාධීනත්වය
- ü නෛතික අඛණ්ඩතාවය බිඳීමක්
- ü ස්වයංපෝෂිත භාවය
# ස්වාධීනත්වය
මෙයින් අදහස් වන්නේ අන් කිසි අයුරකින්
වෙනත් රටක බලයට යටත් නොවන ආණ්ඩු ක්රමයකි.
- - 1948 ව්‍යවස්ථාවේ පළ වන
වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ ඉල්ලීම හෝ කැමැත්ත මත විනා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකාව පිළිබඳ නීති පැනවිය නොහැකි විය. අපගේ ඉතිරි ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවන් වන 72, 78 ව්‍යවස්ථාවන් තුළ
ද අන් රටකට යටත් නොවන විධිවිධාන තිබේ.
# නෛතික අඛණ්ඩතාවය
බිඳීම
මෙහිදී රටේ මෙතෙක් පැවති නෛතික තත්ත්වයට පිටතින් ඇති කරන වෙනසක් එනම්
ආණ්ඩුකම ව්‍යවස්ථා රටාවේ යම් ආකාරයක බිඳීමක් අදහස් කෙරේ.
- - 1972 ව්‍යවස්ථාව ඊට පෙර
තිබූ 48 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට
අනුකූල නොවන පරිදි සම්මත කරගන්නා ලද එකකි. එම නිසා 72 ආන්ඩුක්රම විවස්තාව 48 ආණ්ඩුක්‍රම
විවස්ථාවේ ක්‍රමයට පරිබාහිරව සැකසූ එකකි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
ස්වස්ථානික වීමට නෛතික අඛණ්ඩතාවය බිඳීයාම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. එයට නිදසුනක්
නම් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. මන්ද යත් එම 78 ව්‍යවස්ථාව 72 ස්වස්තානික ව්‍යවස්ථාවෙන්
හට ගත් නිසා ස්වස්ථානික ය.
- - එසේම බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද
නෛතික අඛණ්ඩතාව බිඳී යාමක් දක්නට නොලැබේ. එහෙත් එම ව්‍යවස්ථාව ද ස්වස්ථානික ව්‍යවස්ථාවක්
සේ සැලකේ.
# ස්වයංපෝෂිත භාවය
යම් ආණ්ඩුකම විවස්ථාවක් එම රට තුළම උපත ලද්දේ නම් එය ස්වයං පෝෂිත ය.
වෙනත් රාජ්‍යයක් එනම් විශේෂයෙන් යටත්විජිත ස්වාමියෙක් විසින් ප්රදානය කළ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවක් ස්වයංපෝෂිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවේ.
- - 48 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ස්වයංපෝෂිත එකක් නොවුවද 72 ව්‍යවස්ථාව ස්වයංපෝෂිත ව්‍යවස්ථාවකි.
- - නෛතික අඛණ්ඩතාවය බිඳීමක් නොමැති වුවද 78 ආණ්ඩුකම විවස්ථාව
ද ස්වයංපෝෂිත එකකි.
- ජනාධිපතිවිධායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
සහ පාර්ලිමේන්තුව විධායක ආණ්ඩුකම ව්‍යවස්ථා
ජනාධිපති විදායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා - ශ්‍රී ලංකාව, ඇමරිකාව, ප්‍රංශය
පාර්ලිමේන්තු
විධායක ආණ්ඩුකම ව්‍යවස්ථා
- ඉන්දියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව
- රාජාණ්ඩු සහ සමූහාණ්ඩුව ආණ්ඩුකම ව්‍යවස්ථා
රාජාණ්ඩු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා - මෙම රටවල රජවරු රටේ ප්‍රධාන
විධායකය වේ.
- - සෞදි අරාබිය, ස්වීඩනය, නොර්වේ, නෙදර්ලන්තය
සමූහාණ්ඩු ආණ්ඩුකම විවස්ථා - මෙම රටවල රාජා එහි එතෙක්
පැවති රාජාණ්ඩු ක්‍රමය පෙරළා දමා ජනතාවගේ බලයෙන් යුතු සමූහාණ්ඩු ආණ්ඩුකම ව්‍යවස්ථා
පිහිටුවාගෙන තිබේ.
- - ජර්මනිය, චීනය
No comments:
Post a Comment