ශ්‍රී
ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය
# මුල්
යුගයේදී
- - රජු විසින් රාජ්‍ය පාලනය සිදු කරන ලද අතර එහිදී
- - අධිකාරම්වරු දෙදෙනා
- - පළාත්බද දිසාවේවරු
- - කදුකරයේ දෙපාර්තුමේන්තු ලේඛම්වරු
- - කුඩා දිස්ත්‍රික්ක වල රටේ මහත්තුරු
- - රට සභා, ගම සභා ඇතුලත්ව ග්‍රාම අධිකරණ පද්ධතියක් පැවතුනි.
# පෘතුගීසි
සමයේදී
- - ඔවුන් යටත් කරගත් වෙරළබඩ ප්‍රදේශ දිසාවේ වරයෙකු යටතේ පාලනයක්
- - කොළඹ නගර සභා පාලන ක්‍රමයක් පැවතුනි.
# ලන්දේසි සමයේදී
- - වෙරළබඩ ප්‍රදේශ සදහා රෝම ලන්දේසි නිතිය
- - කොළඹ, ගාල්ල, යාපනය මුලිකව උසාවි ක්‍රමයක්
- - රජුගේ පාලනය තව දුරටත් උඩරට ප්‍රදේශයේ පැවතුනි.
# බ්‍රිතාන්‍යයට
සමයේදී
1796 සිට 1833 දක්වා
එංගලන්තයේ රජුගේ පාලනය යටතේ ලංකාවේ මෙහි සිටි ආණ්ඩුකාර වරයා විසින් පාලනය කරන ලදී.
- 1833 කෝල්බෘක් ආණ්ඩුක්‍රමය
- 1910 මැකලම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
- 1920 මැනින් ප්‍රතිසංස්කරණ
- 1923-24 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
- 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
- 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
- 1972 පළමු ජනරජ ආණ්ඩුකම විවස්ථාව
- 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
1833 කෝල්බෘක් ආණ්ඩුක්‍රමය
මේ
යටතේ විධායක සහ ව්‍යවස්ථාදායක ලෙස සභා දෙකක් තිබුනි.
නිල නොලත් අය වාර්ගික
නියෝජනය මත පත් කරන ලදී.
1860 න පසුව මුල්‍ය නොවෙන වෙනත් අනපනත් ඉදිරිපත්
කිරීමේ බලය සභාවේ වෙනත් සාමාජිකයින්ට ලබා දෙන ලදී.
1910
මැකලම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
විධායක සහ ව්‍යවස්ථාදායක සභාවේ මුළු සාමාජික ගණන
27 ක් දක්වා ඉහල දමා තිබුණි.
යටත් විජිතයකදී මුල් වරට සීමිත ඡන්ද බලය
පිරිනැමීම මෙහිදී සිදුව තිබුණි.
-
මෙහිදී ප්‍රථම
උගත් ලාංකිකයා ලෙස සර් පොන්නම්බලම් රාමනාදන් මහතාට පත්විය.
-
ඡන්ද දායකයන්
වීමට වරම් ලැබුණේ මුළු ජනගහනයෙන් සියයට 4.5 කට වැනි
කොටසකට ය. ඒ සඳහා වූ සුදුසුකම් වූයේ සාක්ෂරතාවය සහ දේපල සුදුසුකම්
ආදියයි.
-
කාන්තාවන්ට ඡන්ද
බලය නොවිය.
1920 මැනින් ප්‍රතිසංස්කරණ
මෙයට අනුව ප්‍රථම වතාවට නිල නොලත් සාමාජිකයන් ගේ
ගණන 23 ක් වූ අතර සමස්ත සාමාජිකයින් 37 කි.
විධායක සභාවේද මුල් වරට නිල නොලත් සාමාජික
නියෝජනයක් විය.
මෙහිදී ව්‍යව්ස්තාදායක සභාවේ නිල නොලත්
සාමාජිකයින් ගණන තව දුරටත් වැඩි කර ඇති අතර නිල සාමාජිකයින් ගණන 12ක් විය.
නිල නොලත් සාමාජිකයින්
- ü පළාත් නියෝජනය
- ü ජනවාර්ගික පදනම
- ü ආණ්ඩුකාරවරයා විසින් නම් කිරීම යන ආකාර 3 න්ම සිදුවිය.
මෙහිදී ව්‍යවස්ථාදායක සභාවට තෝරා පත්
කරගැනීමට
- ü අධ්‍යාපන මට්ටමක්
- ü ආදායම් මට්ටමක්
- ü දේපල මට්ටමක් තිබීම අවශ්‍යම විය.
එසේම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් 4 දෙනෙක්
විධායක සභාවට තෝරා ගැනීමද විය.
1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
මෙය 1947 දක්වා ක්‍රියාත්මකව පැවතුනී.
1931 දී
ඇති කරන ලද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතිකර ලද විශේෂ ලක්ෂණ කිහිපයකි.
·
සර්වජන ඡන්ද
බලය - ඡන්ද
බලය අවුරුදු 21 ට
වැඩි පුරුෂයින්ට සහා අවුරුදු 30ට වැඩි කාන්තාවන්ට ලැබුණි.
·
ප්‍රාදේශීය
නියෝජනය
·
විධායක කාරක
සභා ක්‍රමය - විධායක
සභාවක් වෙනම පිහිටුවීම අහෝසි විය. රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළින්ම විධායකය
බිහි විය. විධායක කාරක සභා හතකට මන්ත්‍රීවරුන් බෙදන ලදී. එම කාරක සභා වල සභාපති
වරයා ඇමැතිවරයා විය. ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනාගෙන් අමාත්‍ය මණ්ඩලය
සමන්විත විය. එහි සභාපති වූයේ මහ ලේකම්වරයාය.
·
ආණ්ඩුකාරවරයාගේ
පෙර පැවති බලතල සීමාවීම.
ජන වාර්ගික නියෝජනය සම්පුර්ණයෙන්ම අහෝසි වී ප්‍රාදේශීය
වශයෙන් මැතිවරණ කොට්ඨාස 50 ක්
සඳහා මන්ත්‍රීවරු තෝරා ගැනුණි.
රාජ්‍ය නිලධාරීන් තිදෙනෙක් ද, ආණ්ඩුකාරවරයා
පත් කළ මන්ත්‍රීන් අට දෙනෙක් ද වශයෙන් සියලු දෙනා හැට එක් දෙනෙක් ද රාජ්‍ය මන්ත්‍රණ
සභාව ලෙස හැදින්විණි.
ආණ්ඩු ක්‍රමයේ ප්‍රතිපල
විධායක කාරක සභා ක්‍රමය නිසා මන්ත්‍රීවරුන්ට රටේ
පාලනයට හවුල් වීමට අවස්ථාව සැලසුණි. නමුත් ප්‍රාදේශීය නියෝජනය, සර්වජන
ඡන්ද බලය නිසා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ආරම්භ වූවත් වාර්ගික නියෝජනය අහෝසි
වීම නිසා සුළු ජාතීන් ගේ නොසතුටට හේතු විය. ඒ නිසා සෝල්බරි සාමි වරයා ඇතුලු
තිදෙනෙකුගෙන් යුතු සෝල්බරි කොමිසමක් බ්‍රිතාන්‍යයෙන් පත් කරන ලදී. ඒ අනුව සෝල්බරි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භ විය.
1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
එය 1947 සිට 1972 දක්වා
ක්‍රියාත්මක විය. ව්‍යවස්ථා ඉතිහාසය තුල බ්‍රිතාන්‍යයෙන් ප්‍රධානය කල අවසන්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.
මෙහි ප්‍රධාන ලක්ෂණයක් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
උත්තරීතර භාවයයි. එය ලිඛිත, අනම්‍ය
ආණ්ඩුකම විවස්ථාවකි.
පාර්ලිමේන්තුව කොටස් දෙකකින් සමන්විත විය, එනම් මහජන
මන්ත්‍රී මණ්ඩලය සහ උත්තර මන්ත්‍රී මණ්ඩලය යි,
පාර්ලිමේන්තු පනතක් මෙම කොටස් දෙකෙන් ම සම්මත විය
යුතුව තිබුණු අතර ඉන්පසුව අග්‍රාණ්ඩුකාරවරයා විසින් එය අනුමත කිරීමෙන් පසුව පනත ක්‍රියාත්මක
විය.
මහජන මන්ත්‍රී මණ්ඩලය ප්‍රාදේශීය
වශයෙන් ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.
උත්තර මන්ත්‍රී මණ්ඩලයට
පත්වූයේ විද්වතුන් වැනි අයයි.
මෙම ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ අග්‍රාණ්ඩුකාර
ධුරයක් ඇති කරන ලද අතර එය බ්‍රිතාන්‍ය රැජිනගේ නමින් ක්‍රියාත්මක විය.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ ලක්ෂණයක් නම්
පාර්ලිමේන්තුවට නීති සම්මත කිරීමේ බලය තිබුනද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකුල පනත්
අවලංගු කිරීමේ බලය තිබීමය. එසේම නීති සම්පාදනය කිරීමට සීමාවක් 29(2) වගන්තියේ
සදහන් විය. එනම් විශේෂ බහුතර ඡන්දය නොමැති නම් ආගමික නිදහස සිමා කරන නීති සම්මත කල
නොහැකි වීමත් යම් වාර්ගික කොට්ටාශයකට විශේෂ වරප්‍රසාද ලැබෙන නීති සම්මත කිරීමට
නොහැකි වීමත්ය.
1972 පළමු ජනරජ ආණ්ඩුකම විවස්ථාව
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භ කරන ලද්දේ 1948
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලින් බැහැරව ය. එසේම මෙය ද ලිඛිත අනම්‍ය
ආණ්ඩුකම ව්‍යවස්ථාවකි. මෙමගින් අපගේ රට ස්වාධින ස්වෛරී ජනරජයක් බවට පත්විය.
මීට පෙර තිබූ විවස්ථාවේ නාමික ප්‍රධානියා වූ අග්‍රාණ්ඩුකාර
ධූරය අපි නාමික ජනාධිපතිවරයකු පත් කරන ලදී. ඔහු පාලනය වූයේ අගමැති සහ කැබිනට්
මණ්ඩලයේ උපදෙස් වලට අනුව ය. මෙම ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකයේ නම වූයේ ජාතික
රාජ්‍ය සභාවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ iv ව්‍යවස්ථාවට
අනුව පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ ජාතික රාජ සභාව විසිනි, එමෙන්ම
v ව්‍යවස්ථාවට
අනුව ජාතික රාජ සභාව ජන රජයේ උත්තරීතර ආයතනය වේ. එම නිසා ව්‍යවස්ථාදායක
විධායක අධිකරණ යන සියලු බලතල ජාතික රාජ සභාව තුළට කේන්ද්‍රගත වීම නිසා බලය
ඒකරාශී වීමක් මෙම ව්‍යාවස්ථාවේ දක්නට ලැබුණි.
මෙම ජාතික රාජ්‍ය සභාවෙන් සම්මත වූ පනත් එහි
කතානායකවරයා විසින් අත්සන් කිරීමෙන් පසු ඒවා ක්‍රියාත්මක වීම ආරම්භ වුනි. තවද මෙම
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් තිබුණු අතර
කෙසේ නමුත් ඒ ක්‍රියාත්මක කරවා ගැනීමට නිසි ක්‍රමවේදයක් දක්වා නොතිබුණු නිසා මූලික
අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේදී ගැටලු ඇතිවිය.
1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ විධායක ජනාධිපති
ධූරයයි. මෙම ධුරය මුලින්ම ස්ථාපිත කරන ලද්දේ 72 ආණ්ඩු ක්‍රම
ව්‍යවස්ථාවට සිදු කරන ලද සංශෝධනයක් මගින් එම ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේය. පසුව නව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 72
ආන්ඩුක්‍රම විවස්තාවේ විධිවිධාන වලට අනුව සම්මත කර ගන්නා ලද අතර එම ව්‍යවස්ථාවටද
විධායක ජනාධිපති ධුරය ඇතුළත් කරන ලදී,
මෙම ආණ්ඩුකම විවස්තාවේ 4(අ) මගීන්
ව්‍යවස්ථාදායක බලය මහජන නියෝජිතයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව සතු කර ඇති
අතර ජනමත විචාරණයක දී එය ජනතාව සතු වේ. මෙය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය
වර්තමානයේ දී පවා ක්‍රියාත්මක වන අවස්ථාවකට නිදසුනකි. 4(ආ) ට
අනුව විධායක බලය ජනතාව විසින් තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක
කළ යුතුය.
ආණ්ඩුකම විවස්ථාව 8 සහ 9
පරිච්ඡේද මගින් විධායකය අමාත්‍ය මණ්ඩලය කින් සහ විධායකයට අයත් රාජ්‍ය සේවයක් ගැන ද
සඳහන් වේ. 4(ඇ)
අනුව අධිකරණ බලය අධිකරණය සහ වෙනත් විනිශ්චය අධිකාරී මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක
කරන අතර පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද ගැන ප්‍රශ්නයකදී එම බලය පාර්ලිමේන්තුව
විසින් ම ක්‍රියාත්මක කරයි. ඇතැම් අවස්ථාවල පාර්ලිමේන්තුව විසින් යොමු කරන ලද
විටකදී පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරේ. මේ
අනුව බලන විට 1972 ව්‍යවස්ථාවට
වඩා බලතල බෙදීමේ සංකල්පය 1978 ව්‍යවස්ථාව තුළින් පැහැදිලිව පෙන්නුම්
කෙරේ. එයන ජනතා නිදහස ආරක්ෂා වන ප්‍රජාතන්ත්‍රවාදී
පාලනයක් උදෙසා ඉතා වැදගත්ය.
1978
ආන්ඩුක්‍රම විවස්තාව මගින් අධිකරණයේ ස්වාධිනත්වය යන මාතෘකාවක් විශේෂයෙන්
සදහන් කරමින් උපරිමාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම සහ විනය පාලනය සම්බන්ධව
විධිවිධාන දක්වා ඇති නිසා සහ මහාධිකරණයේ සිට ඊට පහල අධිකරණ වල කටයුතු ක්‍රමවත් සහ
පාලනය කිරීම පිණිස අධිකරණ සේවා කොමිසම ක්‍රියාත්මක වන බව දක්වා තිබීම නිසා
ලංකාවේ අධිකරණයේ ස්වාධීනතාව පෙරට වඩා ස්ථාපිත විය.
කෙසේ නමුත් උපරිමාධිකරණ විනිසුරුවරුන්
පත්කිරීමට 17 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට පෙර
ජනාධිපතිවරයා සතු වූ තනි අභිමත බලය එයට බාධාවක් විය, නමුත් 17 වන
සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ නිර්දේශ ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ යුතු වූ
නිසා අධිකරණයේ ස්වාධීනතාවය ට එය තරමක් වැදගත් වූ බව පෙනේ, 19 වන ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව
ජනාධිපතිවරයා ගේ පත්කිරීමේ බලතල යළි ආණ්ඩුක්‍රම විවස්ථාදායක සභාව යටතට පත් කර
තිබීම සහ තවත් කරුණු නිසා පසුගිය කාලය තුළ පරිපාලනයේ නොයෙකුත් දුෂ්කරතා ඇති විය.
මෙම දුෂ්කරතා මෑතකදී සම්මත කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
සංශෝධනය මගින් මගහැරී ඇති බව පෙනේ, වර්ථමානයේදී 20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා
සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවට කළ හැක්කේ නිර්දේශ ඉදිරිපත් කිරීම පමණක් වන අතර
ඒවා පිළිගැනීම හෝ නොපිළිගැනීම ට ජනාධිපතිවරයාට බලය තිබේ.
මෙම 1978 ආණ්ඩුක්‍රම විවස්තාවේ තවත් වැදගත්
ලක්ෂණයක් නම් බලාත්මක කළ හැකි පරිදි මූලික අයිතිවාසිකම් ඇති කර තිබීමයි. ඒ
අනුව ආණ්ඩු කම්බි වතාවෙ 10 සිට 14 දක්වා
මූලික අයිතිවාසිකම් ඇතුළත් කර ඇති අතර 15 වන ව්‍යවස්ථාවෙ
ඒවාට සීමා පනවා තිබේ.
තවත් වැදගත් ලක්ෂණයක් නම් සමානුපාතික ඡන්ද ක්‍රමය
ඉදිරිපත් කිරීමයි, ඊට පෙර
පැවතියේ කේවල නියෝජන ක්‍රමයයි, එම ක්‍රමය මගින් නිවරදි ලෙස ලබා ගත්
ඡන්ද සංඛ්‍යාවට අනුරූප වන පරිදි ආසන බෙදී නොයන ප්‍රශ්නයක් නිසා මෙම සමානුපාතික
නියෝජන ක්‍රමය හඳුන්වා දී ඇත.
එසේම තවත් වැදගත් ලක්ෂණයක් නම් ජනමත විචාරණය
හඳුන්වා දීමයි, තවද දහතුන් වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයෙන්
පාලන බලය විමධ්‍යගත කිරීමක් ද සිදු වී ඇත.
No comments:
Post a Comment